1988 සිට වසර 07 ක බස්නාහිර පළාත් සභා ඇමතිකම් හා මන්ත්‍රීකමෙන් පසු 94 සිට පාර්ලිමේන්තුවේ වසර 27 ක් කැබිනට් ඇමතිකමහා පාර්ලමේන්තුවේ තෙවන තනතුර වන ආණ්ඩු පක්ෂ හා විපක්ෂ සංවිධායකකම් පවා කළ ද මහින්ද සමරසිංහට ගෝටාභය ඇමතිකමි දුන්නේ නැත. ඔහු හා අත්දැකීම් බහුල අය පසුපෙළට තල්ලු විය. මහින්ද හිටියේ කලකිරිමෙනි. දිනක් ජනපති ගෝටා ඔහුට කතාකොට ඇමෙරිකානු තානාපති ලෙස නමක් නිර්දේශ කරන්නැයි ඉල්ලීය. "ඔින නම් මම යන්නම්" මහින්ද කීවේ විහිළුවටය. "ඔයා යනව නම් දෙරටේ සබඳතා වැඩි වේවි. එහෙනම් වෙන අය ඔින නෑ" ගෝටා කීවේය. මම ෆැමිලි එක එක්ක කතා කරලා කියන්නම්" මහින්ද කීය. පසුදා සිට ගෝටාගෙ සමීපම අය කතාකොට මහින්ද ඇමෙරිකා යාමෙන් රටට වන වාසි විග්‍රහ කළෝය.
කොටින්ගෙන් දෙවරක් ජීවිතය ගලවාගෙන වැඩ කරලත් ඔබ පසුපෙළට දැම්මා නම් ඔවුන් සමග තවත් දේශපාලනය කල යුතුද කියා මහින්දගේ පවුලේ අය තර්ක කළෝය. පසුපෙලටවී සිටිනවාට වඩා ඇමෙරිකාවට ගොස් රටට සේවයක් කළ හැකි බව ගෙදරින් කිවිට මහින්ද තීන්දුව ගත්තේය. ඇමෙරිකාවට යාමට එම රජය ද එකගවිය යුතුය. මහින්දට ඔවුන් එක පයින් එකග විය. අවශ්‍ය පරිසරය වහා නිර්මාණය විය. 2021 අග ඔහු ඇමෙරිකාවේ වැඩ පටන් ගන්නාවිටම ලංකාව බංකොලොත්වී පෝළිම් ඇතිවිය. තානාපති අංශ වලට පඩි ද පමාවිය. මහින්ද ආර්ථික විද්‍යාඥයෙකු ලෙස අධ්‍යාපනයක් හා පසුබිමක් ලැබූවෙකි. තානාපති නිළධාරීන් රැස්කල ඔහු කීවේ රටට උපරිම සහාය දියයුතු බවත් IMF සහාය මුලික බවත්ය. වහාම එහි ප්‍රධානියා සම්බන්ධ කරන ලෙස ඉල්ලීය. තම සබදතා ද ඊට යොමුකළ මහින්ද IMF ප්‍රධානී සමග සමබන්ධ විය.
"මගේ අත්දැකීම් තුළයි කතාකළේ. ජනාධිපති දන්නෙ නෑ. ලංකාවට ගොඩ යාමට ජාත්‍යන්තර ආර්ථික කත්සේරුවක් ඔින. IMF ඉහළම දූත පිරිසක් ලංකාවට යවමු". ජනපති හා මුදල් ඇමති හමුවෙමු. ජනමාධ්‍ය මග අරිමු. මහින්ද කීවිට IMF ඊට එකග විය. ඔහු ගෝටාභයට කතාකොට මුල්වරට තම IMF මෙහෙයුම ගැන කිවේය. ඔහු ද එකග විය.ඒ අනුව පුබලම IMF දෙදෙනෙක් ලංකාවට එවීය. එහි ප්‍රධනියා අද දකුණු කොරියානු මහබැංකු අධිපතිය. ලංකාවට යාමට පෙර එම පිරිස මහින්ද හමුවුයේ වොෂින්ටන් තානාපති පරිශ්‍රයේදීය. ලංකාවේ දී ක්‍රියාකල යුතු අයුරු ගැන ඔවුහු මහින්දගේ අදහස් විමසූහ. රාජ්‍ය තාන්තුික ක්‍රමයට වඩා ලංකාවේ පසුබිම ගැන ඇත්තම කතාව කියන්න. ජනපති එකඟ නම් IMF ව්‍යාපෘතිය කරමුයි කියන්න. ලංකාවෙ නිළධාරීන් 100% ක් ජනපතිට සත්‍ය එළි නොකලත් එම මත හා IMF මතය සසදලා ජනපති තීන්දුවක් ගනීවි මහින්ද කීවේය.
ලංකාවට ආ IMF ගෝටා හා මුදල් ඇමති බැසිල් සමඟ කතා කළහ. පසුව ගෝටා මහින්දට කතාකොට කීවේ ලංකාවේ තීන්දුව IMF වෙත ලිඛිතව යවන බවය. දින 10 කින් ලිපිය වොෂින්ටන් IMF වෙත ලැබිණ. සංචිත පවා පහළ තලයක නිසා IMF සහාය ලංකාවට අවශ්‍ය බව එහි සඳහන් විය. ගැඔුරු සංවාද වලින් පසුව මහින්දගේ ද උපරිම මැදිහත්වීම තුළ IMF එකඟතා ඇතිවුයේ 2023 මාර්තු 20 ය. එවිට ගෝටා විසිවී බලයේ සිටියේ රනිල්ය.
ජනපතිවරණය අත ලග තබාගෙන රනිල්ට IMF නිර්දේශ ක්‍රියාත්මක කිරීම දැවැන්ත අභියෝගයක් විය. රනිල් ගේ අරමුණ වුණේ ඡන්දය නොව රට ගොඩදැමීමය. ජනතාවට රිදුනත් රට ගොඩ ගියේය. ඩො මිලි 20 ක සංචිත ඩො බිලි 6.4 ට පැමිණ ආර්ථික වර්ධනය 5.3 ට හා උද්ධමනය 80% සිට ඝෘණ අගයට හා 380 ට ගිය ඩොලරය 290 ට ගෙනා රනිල් භාණ්ඩ සුලභ කොට පෝළිම් නැති කළේය. ලංකාවට ණය දුන් රටවල් සමග ද එකගතාට පැමිණියේය. ණය ගෙවීම 2028 දක්වා කල් යන තැනට පසුබිම සකසා ලංකාවේ ආනයනකරුවන්ට LC විවෘත කරන්නට නොහැකි පසුබිම ද රනිල් ගේ ආර්ථික විප්ලවයෙන් විසදිනි. රනිල්ගේ මෙහෙයුම IMF හා මුළු ලෝකයම පරමාදර්ශයක් ලෙස සලකනු ලැබිණ. තවද කලින් යුගයේ දේශීය බැංකු වලින් ගත් ණය ද කළමනාකරණය කොට බැංකු ශක්තිමත් කිරීමද සිදු කෙරිණ.
වේදිකා මත කුමක් කීව ද 2024 න් පසු ජනපති අනුර ද IMF සමඟ යාම තුළ ලෝක අර්බුද මැද වුව ද ලංකාවට දැඩි අර්බුද නොපැමිණීමට එම පසුබිම හේතු විය. ඔහු IMF වැඩපිළිවෙල හා නොසැලී සිටීම රටේ ආර්ථික සුරක්ෂිත බවට හේතු විය. ලංකාව තුළ ඉහත පසුබිම ඇතිවීමට ඇමෙරිකාවේ සහාය අනිවාර්ය විය.එය නිසි ලෙස ලබා ගන්නට නොහැකිවූවා නම් සියල්ල අඩාල ය. .ඒ සදහා මහින්ද කළ සූක්ෂම කැපවීමඅසාමාණ්‍යය.ඇමෙරිකානු රජය කොංග්‍රස් හා සෙනෙට් මණ්ඩල වල 65 කට අධික පිරිසක් සමග මහින්ද කළ මෙහෙයුම එසේ මෙසේ එකක් නොවන්නේ ඒ තුළය.
Lanka Newsweek © 2026